ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් නම් කළ බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ (18දා) නිල වශයෙන් නිවේදනය කර තිබිණි. ඒ අනුව එරට එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ආරොන් ෆින්ච් ඉවත් වීමෙන් අනතුරුව එම තනතුර සඳහා ටෙස්ට් නායකයා ලෙසින් කටයුතු කරන පැට් කමින්ස් නම් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන්
කටයුතු කර තිබුණේ ටෙස්ට් නායකයා ලෙසින් පැට් කමින්ස් සතුව අත්දැකීම් පැවැතීමමත බවද සඳහන්ය. කෙසේ වෙතත් මෙම තීරණයත සමඟින් එළැඹෙන 2023 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම පැට්කමින්ස්ට හිමිවන බවද මේ සම්බන්ධයෙන් නිකුත් කරතිබූ නිවේදනය වැඩිදුරටත් දක්වා තිබිණි.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද නව එක්දින නායකත්වය වෙනුවෙන් නිර්දේශ වී තිබුණද වෝනර් සම්බන්ධයෙන් පවත්නා මතභේදාත්මක තත්ත්වය තුළ තේරීම්කමිටු සාමාජිකයන් බහුතරයකගේ තීරණය මත පැට් කමින්ස් එම තනතුර සඳහා නම්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. එපමණක් නොව එක්දින නායකත්වය සඳහා උප නායක ඇලෙක්ස් කේරි සහ මැදපෙල පිතිකරු මිචෙල් මාෂ් සම්බන්ධයෙන් ද යම්කථාබහක් මතුව තිබූ බවද දැක්වේ.