
කිසියම් පුද්ගලයකු වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය තබා ගැනීම සඳහා මන්ත්‍රිවරුන් කිහිපදෙනකු 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධයපාන නමුත් එම සංශෝධනයෙන් ඊට ඉඩක් නොලැබෙන බව අධිකරණය බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය.
මන්ත්‍රිවරුන්ට වඩා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ජනතාව 22 වැනි මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලන බවද ඒ මහතා පැවැසීය.
මහජන මතයට පයින් ගසා මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමට මන්ත්‍රිවරුන්ට හැකි වුවද අවසානයේ ඒ පිළිබඳව නිවැරැදි තීන්දුව මන්ත්‍රිවරුන් නොව මහජනතාව ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
මහජන මතයට ගරු කරන මන්ත්‍රිවරුන් මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඡන්ද 150න් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකියාව ඇති බවද ඒ මහතා පැවැසීය. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වගකීම හා වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය නිරන්තරයෙන් මතුකරන ප්‍රශ්නවලට විස¾දුම් ලබාදීමට හැර කිසියම් දේශපාලන පක්ෂයක් මැඬලන්න හෝ ගොඩගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
අධිකරණ අමාත්‍යාංශය පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුම්වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.