
බැසිල් රාජපක්‍ෂට එරෙහිව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමෙන් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබාගැනීමට නොහැකි වන බැවින් 22 වැනි සංශෝධනයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව. එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසුවේය. එක් පුද්ගලයකු, ආගමික කණ්ඩායමක් හෝ වෙනත් පටු අරමුණක් මූලික කරගනිමින් රටට ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැනුම් දුන් බව පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් එහිදී අදාළ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද සාගර කාරියවසම් මහතා කීය.
පුද්ගලයන් හෝ වෙනත් අරමුණක් මූලික නොකර රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථාවක් රැගෙන එනවා නම් එය මාස 6ක් ඇතුළත සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බවද සාගර කාරියවසම් මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂය හා එක්ව එළැඹෙන මැතිවරණ සඳහා තරග කිරීමට තම පක්ෂය තවම තීරණය කර නැති බවත් සාගර කාරියවසම් මහතා ඊයේ (18 දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී පැවැසීය.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය