ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මෙතෙක් නොපැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දිනෙන් දින අර්බුදකාරී තත්ත්වය කරා ගමන් ගන්නා බව පාපන්දුලීගයන් හිමතය වී ඇති බව පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා පවසා ඇත. එවන් තත්ත්වයක් තිබියදීත් තවත් පාපන්දු ලීගයන් 4ක් තමන් සමඟින් අත්වැල් බැදගෙන ඇති බවත්, මේ අවස්ථාවේදී සියල්ලන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ නිලවරණය ඉක්මනින් පවත්වා පාපන්දු අර්බුදය නිමා කිරීම බවත් පාපන්දු සම්මේලන සභාපතිවරයා පෙන්වා දී තිබේ.
ඔහු මේ බව සඳහන් කරතිබුණේ පාපන්දු ලීගයන් 4ක සහයෝගය ලබාදීමට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා “පසුගියදා පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී නව ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා සමස්ත ඡන්ද 61න් ලීගයන් 13ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
එසේ ඡන්දයලබා නොදුන් ලීගයන් 13න් 4ක් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තුළ දැනට පවත්නා අර්බුදය නිමකිරීම සඳහා සහාය දැක්වීමට මා සමඟින් සාකච්ඡා කළා. ඒ අනුව ලීගයන් 61න් 52ක් ඉක්මනින් නිලවරණයකට යා යුතු බව අවධාරණය කර තිබෙනවා. විශේෂයෙන් දැනට පවතින පාපන්දු පාලනාධිකාරිය අනෙකුත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් හා ලීගයන් අතර සාකච්ඡා මාර්ගයෙන් පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය සඳහා එකඟතාවයන්ට පැමිණීමට කටයුතු කරතිබෙනවා.
එසේ වුවත් ප්රතිවිරුද්ධලීගයන් කිහිපයක් සහ ප්‍රතිවිරුද් පාර්ශ්ව කිහිපයක් පමණක් තම පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවා. එමඟින් පාපන්දු නිලවරණය තවදුරටත් කල් යන බවත්, එතුළින් පාපන්දු පරිපාලන කටයතු තව තවත් සංකීර්ණ හා අර්බුදයකට තල්ලුවීම සිදුවන බවත් මෙලෙස අලුතින් එක්වූ පාපන්දු ලීගයන් පෙන්වා දෙනවා. එසේ වුවත් මෙම ලීගයන්ට අවශ්‍ය වී ඇත්තේ ඉක්මනින් නිලවරණය පවත්වා පාපන්දු අර්බුදය නිමා කිරීමටයි.”