Home Local අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති News Room

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති News Room

0
0


අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමි අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69කි.

1953 ජනවාරි 2 වන දින මාතලේ පල්ලේගම දුක්ගන්නා වලවුවේ කුලුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නා හිමියන්ගේ පියා, දුක්ගන්නා වලවුවේ ටිකිරි බණ්ඩාර නිලමේතුමා වන අතර, මව දුක්ගන්නා වලවුවේ අනුලා කුමාරිහාමි මාතාව යි.

හත් වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 දී අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ ඉඳුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නා හිමියන්ගේ සහ පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේ පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත වූහ.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි 1997 වසරේදී අටමස්ථානාධිපති ධූරයට පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළහ.

පෙර ලිපියබුකර් සම්මානයෙන් ලංකාවට ආඩම්බරයක් ගෙනා ගාල්ලේ ෂෙහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here