මෙරොන්තුඩුව, දැල්කඩ පාර ප්රදේශයේ වගුරු බිමකට ආසන්න මාර්ගයේ දුරකතන කණුවක් අසල සඟවා තිබියදී T 56 වර්ගයේ ගිනි අවියක් සහ එම අවියට යොදන සජීව පතරොම් 20ක් සහිත මැගසිනයක් සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (ඔක්. 17) දින දහවල් කාලයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සොයා බැලීමේදී මෙම ගිනි අවිය හමු වී ඇති බව ය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව ගිනි අවිය අහුංගල්ල පොලිස් වසමේදී ත්රිරෝද රථ නැවතුම්පළක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගෙන ඔක්තෝබර් 12 වන දින එල්ල කළ වෙඩි ප්රහාරය සඳහා යොදාගත් ගිනි අවිය බවට පොලිසිය සැක කරයි.
ගිනි අවිය මෙම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් සඟවා ඇද්ද යන්න සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය සහ මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.