Home Local කැබිනට් අනුකමිටු දෙකක් පත් කෙරේ News Room

කැබිනට් අනුකමිටු දෙකක් පත් කෙරේ News Room

2
0


ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පිණිස ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් සමන්විත සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

උතුරු, නැගෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචි වීම්, ඉඩම් සහ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස මෙම අනුකමිටුව පත් කර ඇත.

අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

මේ අතර, ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ගුණවර්ධන මහතා සඳහන් කළේ, රට මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා කඩිනම් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම අනුකමිටුව පත් කර ඇති බව ය.

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වැවිලි සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු 12 දෙනෙකු අනුකමිටුවේ සාමාජිකයෝ අතර වෙති.

කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරට ත් කියා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ජනාධිපති ආර්ථීක උපදේශකවරයා ද මෙම අනුකමිටුවේ සාමාජිකයින් වන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here