Home Local ගනුදෙනු කිරීමට රුසියානු ‘මිර්’ පිලිගැන්නැයි කල ඉල්ලීම ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ගනුදෙනු කිරීමට රුසියානු ‘මිර්’ පිලිගැන්නැයි කල ඉල්ලීම ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

279
0

රුසියාව සමඟ මුදල් ගනුදෙනු කිරීමට රුසියානු ‘මිර්’ ගෙවීම් පද්ධතිය භාවිතා කිරීමට අවසර දීම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති එරෙහි සම්බාධකව කොටසක් ලෙස ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් ඉවත් කර ඇති බැවින් රුසියාව විසින් මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සම්බාධක මග හරවා ගැනීම සඳහායි.

මීට පෙර රුසියාවේ සංචාරයක නිරත වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම ගෙවීම් ක්‍රමය අනුමත කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවස්ථා දෙකකදී එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතරල රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කියා සිටියේ සංචාරක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මහජන බැංකුව සහ රුසියානු බැංකුව අතර රුබල්-රුපියල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට සාකච්ඡා කරමින් සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here