January 2, 2012

JVP කැරළිකාර කණ්ඩායමේ කුමාර් මහත්තයාගේ බිරිඳ හා දරුවන් කටුනායකදි රඳවා ගෙන.

ජනතා විමුක්ති පෙරමුණේන් වෙන්ව ඇති කැරළිකාර කණ්ඩායමේ නායකයා ලෙස සැළකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනෙකු අද(02) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙදී ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව වර්තාවේ.

චම්පා සෝමරත්න නම් අය හා දරුවන් ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසි භාවය ලැබුවන් බවත් ශ‍්‍රී ලංකාවේ සිට අද අළුයම 1.00 ට බැංකොක් හරහා ඕස්ටේ‍්‍රලියාව බලා යාමට නියමිතව සිටි බවත් පැවසේන අතර, ඔවුන් කෙටි නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට පැමින ඇති බව පැවසේ.

මෙම සිද්ධිය පොලිසිය විසින් සනාථ කර ඇති නමුත් කුමාර් මහත්තයාගේ කණ්ඩායම මෙ වෙනතුරු එය සනාථ කර නොමැත.

0 comments:

Post a Comment