බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ඉන්දිය මුද්‍රිත මාධ්‍ය කිහිපයකට පසුගියදා දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.
ඇය මෙසේ මාධ්‍යට දොස් නැගීමට හේතු වූයේ ඇගේ ඡායාරූප කිහිපයක් අදාල මුද‍්‍රිත මාධ්‍ය ඔස්සේ පලකර තිබීම නිසාය.
ඇයටත් නොදන්වාගත් එම ජායාරූපවලින් ඇයගේ සිරුරේ ඇතැම් අංග අනවශ්‍ය පරිදි මතුකර පෙන්වා ඇතැයි රවීනා දොස් නගා තිබිනි.
එම ජායාරූපවලින් ඇගේ පිට ප‍්‍රදේශය වඩාත් ඉස්මතුව තිබූ බව පැවසේ.
කෙසේවුද එම ජායාරූප සම්බන්ධයෙන් රවීනා මෙසේ පවසා තිබිණි.
”ඒ වගේ ඡායාරූපයක් දැන් කාලෙ ජනප‍්‍රිය වෙලා ඉන්න කට්රිනා කායිෆ්, ප‍්‍රියංකා චොප්රා, කරීනා කපුර් වැනි නිළියකට ගැළපෙනවා.’’
එය සත්‍යක් බවත්, විවාහක කාන්තාවක්ට, දරු දෙන්නෙකුගේ මවක්ට එය නොගැලපෙන්නක් බවත් පවසන ඉන්දීය මාධ්‍ය එසේවුවද ඇයද නිළියක් බැවින් එවැනි ජනප‍්‍රිය නිළියකගේ ඡායාරූප ගැනීමේදී ඡායාරූප ශිල්පියා එවැනි දේ සැලකිය හැකි නොවන බවද එම මාධ්‍ය අනාවරණය කර තිබේ.



Saturday, January 21, 2012


0 comments:
Post a Comment