සැටලයිට් රූපවාහින ජාලයේ ප‍්‍රකට නාලිකාවකි විජය TV නාලිකාවය. එම නාලිකාව 2011 වසර දෙසැම්බර් 31 රාත‍්‍රියේ විශේෂ වැඩසටහනක් විකාෂණය කළේය. එය 2012 වසර පිළිබඳ ජෝතිෂ්‍ය අනාවැකි පලකර ජෝතිර්වේදින් සහභාගි වූවකි.
එම වැඩසටහන එක් වූ ඉන්දියාවේ ප‍්‍රකට ජෝතිර්වේදීන් එරට පිළිබඳ අනාවැකි පලකළ අතර පසුව ඉන්දියාවට බාහිර රාජ්‍ය පිළිබඳව ද අනාවැකි පලකර ඇත.
මෙහිදී වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා විමසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව. එහිදී එක් ජෝතිර්වේදියෙකු පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය 2012 වසරේ අලූත් අයකු පත්වන බවකි.
එම අදහස සාකචඡාවට සහභාගිවූ සිටි අනෙක් ජොතිර්වේදන්ද අනුමත කර ඇත. මේ සමඟ විජයTV නාලිකාව ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රක්ෂකයාට නැරඹීමේ ඉඩ ප‍්‍රස්ථාව අහිමි කර ඇත.



Wednesday, January 11, 2012


0 comments:
Post a Comment