January 21, 2012

'ආදරණීය නයගරා’ රූගතකිරීම් සඳහා නෙහාරා හා මේනක ඇමරිකාවේ

ඇමෙරිකාවේ රූගත වන පළමු ශ‍‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන 'ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සඳහා සහභාගිවීමට ජනපි‍‍්‍රය නිළි නෙහාරා පීරිස් හා ජනපි‍‍්‍රය නළු මේනක රාජපක්ෂ බොස්ටන් නුවරට ගොස් තිබේ.

කොටස් 36කින් සමන්විත වන 'ආදරණීය නයගරා’ කතා පුවත ඇමෙරිකාවට සංක්‍රමණය කරන ලද ශ‍‍්‍රී ලාංකික පවුල් දෙකක් අතර ඇති වන සිදුවීම් පෙළක් වටා ගෙතී ඇත.

චිත‍‍්‍රාල් ද මෙල් ගේ අධ්‍යක්ෂනයක් වන 'ආදරණීය නයගරා’ හි සංගීතය ආචාර්ය අර්ජුන බාලසූරිය විසින් නිර්මාණය කර තිබේ.

ජනක කුඹුකගේ, ඇතුළු ජනපි‍‍්‍රය තරු රැසකට අමතරව, ඇමෙරිකාවේ වෙසෙන ශ‍‍්‍රී ලාංකිකයන් රැසක් ද මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවීමට නියමිතය.



රවීනාගේ අනවශ්‍ය තැන් පෙන්වූ පැපරාසියා

බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ඉන්දිය මුද්‍රිත මාධ්‍ය කිහිපයකට පසුගියදා දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.

ඇය මෙසේ මාධ්‍යට දොස් නැගීමට හේතු වූයේ ඇගේ ඡායාරූප කිහිපයක් අදාල මුද‍්‍රිත මාධ්‍ය ඔස්සේ පලකර තිබීම නිසාය.

ඇයටත් නොදන්වාගත් එම ජායාරූපවලින් ඇයගේ සිරුරේ ඇතැම් අංග අනවශ්‍ය පරිදි මතුකර පෙන්වා ඇතැයි රවීනා දොස් නගා තිබිනි.

එම ජායාරූපවලින් ඇගේ පිට ප‍්‍රදේශය වඩාත් ඉස්මතුව තිබූ බව පැවසේ.

කෙසේවුද එම ජායාරූප සම්බන්ධයෙන් රවීනා මෙසේ පවසා තිබිණි.

”ඒ වගේ ඡායාරූපයක් දැන් කාලෙ ජනප‍්‍රිය වෙලා ඉන්න කට්රිනා කායිෆ්, ප‍්‍රියංකා චොප්රා, කරීනා කපුර් වැනි නිළියකට ගැළපෙනවා.’’

එය සත්‍යක් බවත්, විවාහක කාන්තාවක්ට, දරු දෙන්නෙකුගේ මවක්ට එය නොගැලපෙන්නක් බවත් පවසන ඉන්දීය මාධ්‍ය එසේවුවද ඇයද නිළියක් බැවින් එවැනි ජනප‍්‍රිය නිළියකගේ ඡායාරූප ගැනීමේදී ඡායාරූප ශිල්පියා එවැනි දේ සැලකිය හැකි නොවන බවද එම මාධ්‍ය අනාවරණය කර තිබේ.

නෙළුම් කුලුන ජනතාවගේ සිහිනයක් – බැසිල් රාජපක්ෂ

ඊයේ(20)දින මුල් ගල තබන ලද නෙළුම් කුලුන ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ මෙන්ම රටේ ජනතාවගේද සිහිනයක් වූ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(20)  දින පෙරවරුවේ නෙළුම් කුලුන ඉදිකිරීම් සනිටුහන් කරමින් මුල් ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිතුමා මෙම කුලුන කොළඹින් පිට එනම් ගම්පහට මුලින්ම යෝජනා කළත්, පසුව මෙම ස්ථානයේ ඉදිකිරීමට තීරණය කළ බවයි.

‘මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමත්, මේ රට අනෙක් රටවල් සමඟ ඉහළට ඔසවා තැබීමත් අරමුණු කර ගනිමින් ජනාධිපතිතුමා මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මත් ඉදිරිපත් කළා. මේ සැලැස්ම තුළ ප්‍රමුඛතාව දියයුතු අංග එතුමා තෝරාගත්තා. රට හදන හැටි පමණක් නොව මුලින් කළ යුතු කුමක්ද කියලත් එතුමා තීරණය කළා. එතුමා දැනගෙන හිටියා මේ රටේ භූමියෙන් 1/3ක් අපිට අහිමි වෙලා තියෙන්නෙ කියලා ඒ වෙනකොට.’ හැම තැනම බෝම්බ පිපිරෙද්දි, හැමතැනම මිනිස්සුන්ට කරදර වෙද්දි රටේ සංවර්ධනය සිදුකළ නොහැකි බව එතුමා තේරුම් ගෙන හිටි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 ‘ඒ අනුව එතුමා මුලින්ම තෝරාගත්තේ මේ රටේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න. මේ රටේ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සහ ජනතාවගේ සහයෝගයෙන් ඒ තත්ත්වය එතුමා ලබාදුන්නා.’ ඒත් සමඟම එතුමා මේ රට දියුණු කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමූ බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
එමෙන්ම මේ රටේ ගම් 36000ක ජනතාවගේ මූලික අවශ්‍යතාවන් වර්ධනය කිරීමටද ජනාධිපතිතුමන් විසින් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ අද මුල් ගල තබන මෙම කුලුන මේ වන විට රටේ අවශ්‍යව පවතින එක් අංගයක් වන බවත්, සෑම විටම ජනාධිපතිතුමා එක ක්ෂේත්‍රයක් පමණක් සංවර්ධනය කිරීමට පියවර නොගත් බවත්ය.

ආර්ථික සංවර්ධනය සමඟ සංස්කෘතික, ක්‍රීඩා ඇතුළු හැමදෙයක්ම දියුණු කරන්න ජනාධිපතිතුමා කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.

 මෙම ඉදිකිරීම් ආරම්භ කරන ලද කුලුන තට්ටු 90ක පමණ උස ගොඩනැගිල්ලක් වන බව පැවසූ අමාත්‍යවරයා, ඕනෑම රටකට සංචාරකයෙක් පැමිණි විට අනිවාර්යයෙන්ම රටේ අගනුවරට සහ මුළු අගනුවරම නැරඹිය හැකි ස්ථානයකට යන බව පැවසීය.

මෙම කුලුන ඉදිකළ පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට කොළඹ නගරය ඇතුළු විශාල ප්‍රදේශයක් මෙහි මුදුනත සිට බැලිය හැකි වන බව පැවසූ අමාත්‍යවරයා, මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් පින්නවල අලි අනාථගාරය, පේරාදෙණිය උද්භිද උද්‍යානය මෙන්ම සීගිරිය යන ස්ථාන නැරඹීමට වැඩි ප්‍රමුඛතාවක් දැක්වුවත් ඉදිරියේදී මෙම ස්ථානයද ඔවුන්ගේ ලැයිස්තුවට එක්වනු ඇති බව වැඩිදුරටත් පැවසීය.


January 11, 2012

නෙහාරාගේ දික්කසාදය ?

නෙහාරා පීරිස් විසින් සිය සැමියාගෙන් දික්කසාද වීමට ඉල්ලා පවරා තිබූ නඩුවේ තීන්දුව ලබන සතියේ ප්‍රකාශ වීමට නියමිතව තිබෙනවා.

ලබන 16 වනදා නුවරඑලිය උසාවියේදී එම තීන්දුව ලැබෙනු ඇතැයි ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ජනාධිපති ධූරයේ වෙනසක් - ඉන්දියානු චැනලයක් පවසයි

සැටලයිට් රූපවාහින ජාලයේ ප‍්‍රකට නාලිකාවකි විජය TV නාලිකාවය. එම නාලිකාව 2011 වසර දෙසැම්බර් 31 රාත‍්‍රියේ විශේෂ වැඩසටහනක් විකාෂණය කළේය. එය 2012 වසර පිළිබඳ ජෝතිෂ්‍ය අනාවැකි පලකර ජෝතිර්වේදින් සහභාගි වූවකි.

එම වැඩසටහන එක් වූ ඉන්දියාවේ ප‍්‍රකට ජෝතිර්වේදීන් එරට පිළිබඳ අනාවැකි පලකළ අතර පසුව ඉන්දියාවට බාහිර රාජ්‍ය පිළිබඳව ද අනාවැකි පලකර ඇත.

මෙහිදී වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා විමසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව. එහිදී එක් ජෝතිර්වේදියෙකු පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය 2012 වසරේ අලූත් අයකු පත්වන බවකි.

එම අදහස සාකචඡාවට සහභාගිවූ  සිටි අනෙක් ජොතිර්වේදන්ද අනුමත කර ඇත. මේ සමඟ විජයTV නාලිකාව ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රක්ෂකයාට නැරඹීමේ ඉඩ ප‍්‍රස්ථාව අහිමි කර ඇත.

January 10, 2012

සෝලංගආරච්චි එංගලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලයි

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා එංගලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

ඒ මහතා විදෙස්ගතවීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් සිටින අතර ඔහු මේ වන විටත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සිය ලියකියවිලි බාරදී තිබේ.

ඔහු ඝාතනයට ලක්වූ ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සමීපතමයෙකු වන අතර අංගොඩ සිද්ධියේදී තුවාල ලැබූ පා.ම. දුමින්ද සිල්වා හා සෝලංගආරච්චි මහත්වරුන් අතර දේශපාලන ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස සෝලංගආරච්චි මහතා විදේශගත වීමට තීරණය කර තිබේ.

lankacnews.com

කැළණිය ගැටුම පක්ෂයේ විනය මණ්ඩලයට

අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම අතර ඇති වී ඇති ගැටුම සමනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩලය හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ ¥ෂිත ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා මහතාට හිතවත් පාර්ශවයන් කටයුතු කරමින් සිටිනවා.